මියන්මාරයේ යැන්ගොන් අගනුවර ප්‍රදේශ රැසකට යුද නීතිය පැනවීමට එරට හමුදාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ යැන්ගොන් නගරය ඇතුලු මියන්මාරයේ පිහිටි තම ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කරන ලෙසට එරට චීන තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙසයි.
පසුගිය සතියේදී හමුදා රජයට එරෙහි උද්ඝෝෂකයන් විසින් මියන්මාරයේ යැන්ගොන් නගරය ආශ්‍රිත චීන ඇගලුම් කම්හල් කිහිපයක් විනාශ කෙරැණු අතර එහිදී චීන ජාතිකයන් පිරිසක් ප්‍රහාරයන්ටද ගොදුරැව ඇති බව සදහන් වේ.
උද්ඝෝෂකයන් සදහන් කරන්නේ චීනය හමුදා රජය ආරක්ෂා කිරීමත් රටේ සම්පත් පැහැරගැනීමත් මීට හේතුව බවයි.
මේ අතර ඉරිදා දිනයේ රැන්ගුන් නුවර පැවති උද්ඝෝෂණයේදී හමුදාව සිදුකළ වෙඩි තැබීම්වලින් උද්ඝෝෂණයට එක්ව සිටි සාමාන්‍ය සිවිල් වැසියන් 35ක පමණ මියගොස් ඇති බව එරට වාර්තාවල දැක්වේ.