29 C
Colombo
Friday, March 29, 2024

කොකෝ දූපතේ චීන ඉදිකිරීම් ගැන ඉන්දියාව විමසිල්ලෙන්

- Advertisement -

ඊසාන දිග බෙංගාල බොක්කේ පිහිටා ඇති මියන්මාරයට අයත් කොකෝ දූපත් හි සිදුකර ඇති චීන ඉදිකිරීම් හේතුවෙන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ගොඩනැංවී ඇති බවට ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය කාලයේ ලබාගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව එම දූපත් ආශ්‍රිතව සිදුකර ඇති මෙම ඉදිකිරීම් යුදමය ඉදිකිරීම් වීම එයට හේතුවයි.

නාවික කටයුතු සම්බන්ධයෙන් හා බුද්ධි තොරතුරු ගවේෂණය පිණිස සන්නිවේදන මධ්‍යස්ථානයක් ද මෙහි පිහිටුවා ඇතැයි දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අනාවරණය වී ඇත.

එම ඉදිකිරීම් වඩා වැදගත් වන්නේ මහජන විමුක්ති හමුදාවේ යුද හා නාවික බුද්ධි සංඥා බලකායන්ට බවද ප්‍රකාශිතය.

ඊට අමතරව චීන හමුදාව විසින් කුඩා කොකෝ දූපතේ හමුදා මූලස්ථානයක් ද ස්ථාපනය කර ඇතැයි පැවසේ. ඉන්දීය සාගරයේ සහ අන්දමන් මුහුදේ ඉන්දීය අන්දමන් දූපත්වලට උතුරට වන්නට මෙම ඉදිකිරීම් ස්ථානගත කර ඇත.

මෙලෙස වැඩිදියුණු කරන ලද යටිතල පහුසුකම් මගින් චීන ආරක්ෂක අංශයන්ට ඉන්දියාව විසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව සිදුකරන නාවික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට හා චාන්දිපූර්හි මිසයිල් අත්හදා බැලීම් අධීක්ෂණය කිරීමට හැකියාව හිමිවන බව සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...