33 C
Colombo
Thursday, March 28, 2024

චීනයේ රාජ්‍ය බැංකු යුවාන් ස්ථාවර කිරීම සඳහා හුවමාරු වෙලඳපොලේ ඩොලර් අත්පත් කර ගැනීමේ උත්සහයක්

- Advertisement -

චීනයේ රාජ්‍ය බැංකු විසින් දුර්වල වෙමින් පවතින යුවාන් ඒකකය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම මේ වන විට වේගවත් කර තිබෙනවා.

බැංකු මූලාශ්‍ර හයක් රොයිටර් වෙත පැවසුවේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු විසින් වෙළඳපොලේ එක්සත් ජනපද ඩොලර් සඳහා යුවාන් හුවමාරු කර ඇති බවයි.

චීනයේ බැංකු මූලාශ්‍ර රොයිටර් වෙත පැවසුවේ මෙම බැංකු එක්සත් ජනපද ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති අතර( swaps and spot trades ) හුවමාරු සහ ස්ථාන වෙළඳාම් වල එකතුවක් ඒ සදහා භාවිතා කළ බවයි.

බැංකු මූලාශ්‍ර හයක් රොයිටර් වෙත පැවසුවේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු වෙළඳපොලේ එක්සත් ජනපද ඩොලර් සඳහා යුවාන් හුවමාරු කර එම මුදල් spot trades සදහා භාවිතා කර ඇති බවයි.

චීනය විසින් මෙම ක්‍රීඩාව 2018 සහ 2019 දී ද සිදු කර ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

යුවාන් අගය ස්ථාවර කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනෙන්නට ඇති අතර, හුවමාරුව ඩොලර් ලබා ගැනීමට මෙන්ම යුවාන් වල මිල ඉදිරියට ශක්තිමත් කිරීමට මෙය උපකාරී වන බව වෙළඳපල වෙළඳාම පිළිබඳ සෘජු දැනුමක් ඇති මූලාශ්‍ර පෙන්වා දෙනවා.

යුවාන් මේ වසරේ ඩොලරයට සාපේක්ෂව 11.6% කින් පහත වැටී ඇති අතර එය සඳුදා ඩොලරයකට 7.1980 ක් ලෙස සටහන් වුණා.

ඇතැම් මූලාශ්‍ර සඳහන් කළේ ඩොලර් විකිණීමේ මෙහෙයුමේ ප්‍රමාණය “ඉතා විශාල” බවයි.

රාජ්‍ය බැංකු සාමාන්‍යයෙන් චීනයේ විනිමය අනුපාතය
වෙළඳපොලේ මහ බැංකුව වෙනුවෙන් වෙළඳාම් කරන අතර ඔවුන්ට ඔවුන්ගේම අරමුණු සඳහා වෙළඳාම් කිරීමට හෝ ඔවුන්ගේ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා ඇණවුම් ක්‍රියාත්මක කිරීමටද හැකියාව පවතිනවා.

තුන්වන මූලාශ්‍රයක් සඳහන් කළේ, රාජ්‍ය බැංකුවල වෙළඳාම් කළමණාකරණය කර ඇති බව පෙනී යන අතර එමඟින් ඩොලර් ට්‍රිලියන 3 ක විදේශ විනිමය සංචිත මැදිහත්වීම සඳහා යොදා නොගනු ඇති බවයි.

2015 ආර්ථික පසුබෑම අතරතුර චීනය යුවාන් මුදල් ඒකකය බිද වැටීම් වලින් තොරව පවත්වාගෙන යාම සදහා ඩොලර් ට්‍රිලියන 1 ක සංචිත පුළුස්සා දැමූ අතර නිල සංචිතවල තියුණු අඩුවීම බොහෝ විවේචනයට ලක් වුණා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ චීනයේ විශාල බැංකුවල දේශීය ශාඛා ලන්ඩන් හෝ නිව් යෝර්ක් වෙළඳ වේලාවන් තුළ විදෙස් වෙළෙඳාම්වල ක්‍රියාකාරී වීම අසාමාන්‍ය දෙයක් වුවත්, ඔවුන් සාමාන්‍යයෙන් චීනයෙන් පිටත යුවාන් වලින් ගනුදෙනු කර ඇති බවයි.

චීන රාජ්‍ය බැංකු විසින් යුවාන් මිලදී ගැනීම ඩොලරයකට 7.3746ක වාර්තාගත අවම අගයක සිට 7.3034 දක්වා බඩගා යාමට උපකාරී වි තිබෙනවා.

චීන නියාමකයින් වේගවත්ව යුවාන් ක්ෂය වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

ඉහළ යන එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් මුදල් ඒකකය නව වාර්තාගත අවම අගයකට පැමිණ ඇත්තේ මේ අතරවාරයේයි.

ජාත්‍යන්තරව වෙළඳාම් කරන ලද යුවාන් අගය 2011 දී ප්‍රථම වරට දත්ත ලබා ගැනීමට පටන් ගත් දා සිට එහි පහළම මට්ටමට මේ වන විට වැටී තිබෙනවා.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු චීනයේ දේශීය මුදල් ද එහි දුර්වලම ස්ථානයට ළඟා වූ අවස්ථාව මෙයයි.

එක්සත් ජනපද මහ බැංකුව මේ මස මුලදී නැවතත් පොලී අනුපාත ඉහල දැමීමෙන් පසුව, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ඩොලරයේ අගය අඛණ්ඩව ඉහල යෑම සිදුවුණා.

කොවිඩ් අගුලු දැමීම් මගින් විනාශ වූ ආර්ථිකයක වර්ධනය පුනර්ජීවනය කිරීම සඳහා චීන මහජන බැංකුව (PBOC) පොලී අනුපාත ලිහිල් කර ඇති අතර, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කරන විට ප්‍රතිවිරුද්ධ දිශාවට ආක්‍රමණශීලී ලෙස ගමන් කිරීම කැපී පෙනුනු කරුණක්.

මුදලේ අගය පහත වැටීම ඇත්ත වශයෙන්ම චීනය තුළ අපනයනකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකි බැවින්, එය ඔවුන්ගේ භාණ්ඩ ලාභදායී වන අතර ඉල්ලුම වැඩි කළ හැකි කරුණක් වනවා.

මේ දිනවල අපනයනය චීන ආර්ථිකයෙන් 20% ක් පමණක් වන අතර, එබැවින් බෙයිජිං හි ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගය සහ දේපල අර්බුදයක් හේතුවෙන් දේශීය වශයෙන් බොහෝ දුරට ඇති වූ මූලික දුර්වලතා දුර්වල යුවාන් හැර නොයනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය සමයේ බැංකු වංචා නිසාද චීන ආර්ථිකය දෙදරායාමකට ලක්වුණා.

පසුගිය අප්‍රේල් මාසයේ දී චීනයේ හෙනාන් පළාතේ කුඩා පරිමාණයේ බැංකු කිහිපයක් කඩා වැටීමක් පිලිබදව පළමු වරට වාර්තා වු අතර මූල්‍ය විශ්ලේෂකයන් කිහිපදෙනෙකුගේම මතය වුණේ එය චීනයේ සමස්ත බැංකු පද්ධතියේම දෙදරා යාමකට හේතු වනු ඇති බවයි.

ප්‍රාදේශීය බැංකු කිහිපයක සිදුවූ මහා පරිමාන මූල්‍ය අක්‍රමිකතාවක් මීට හේතු වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වුණා.

වාර්තා වන ආකාරයට ජාතියේ විශාලතම බැංකු වංචාව ලෙස හඳුන්වන මෙම බැංකු වංචාවේ දී යුවාන් බිලියන 40 ක (එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ) තැන්පතු අතුරුදන් වී තිබෙනවා.

මේ පිළිබඳ ජනතා කෝපය උත්සන්න වූයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය විසින් මහජන මුදල් ජනතාව වෙත නිදහස් නොකිරීම හේතුවෙන්.

මීට අමතරව කොවිඩ් ව්‍යාප්තිය ඇරඹී චීනයම අනෙකුත් රටවල් වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා විට පවා හදිසි අගුලු දැමීම්, මහා පරිමාණ පරීක්ෂණ සහ දිගු නිරෝධායන ඇතුළු දැඩි කෝවිඩ් පියවරයන් පවත්වා ගෙන යාමට කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණක්.

එයද චීනයේ ආර්ථිකය අර්බුදයකට ගමන් කිරීම සදහා ප්‍රදාන වශයෙන් හේතු වුණා.

ලොවම වෙනත් ප්‍රායෝගික ක්‍රියාමර්ග ගත්තද කොවිඩ් උපතලද බවට සැළකෙන චීනය පමණක් තවදුරටත් කොවිඩ් රෝගය මුළිනුපුටා දැමීමේ zero covid ප්‍රතිපත්තියේම එල්ලී සිටීම විටෙක හාස්‍යජනක තත්ත්වයක්.

එය මේ වනවිට චීන වැසියන්ට එල්ල කර ඇත්තේ දැඩි ආර්ථික, සාමාජීය හා දේශපාලනික බලපෑමක්.

එහි දැඩි බලපෑමක් චීනයේ ආර්ථික හදවත වන ෂැංහයි පලාතට එල්ල වී ඇති අතර එය ඉතා පැහැදිලිවම ආර්ථික ගැටලුවක් වන අතර, යම් තාක් දුරට දේශපාලන ප්‍රශ්නයක් ද වනු ඇතිබව විශ්ලේෂකයන් කල් තියාම පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුද එහි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන පුරෝකථනය සම්පූර්ණ වසර සඳහා සියයට 4.8 සිට සියයට 4.4 දක්වා අඩු කර තිබීම මීට උදාහරණ සපයනවා.

චීනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Ting Lu, මෙම වසරේ දෙවන කාර්තුවේ GDP වර්ධනය 1.8% දක්වා පහත වැටෙනු ඇති බවට අනාවැකි පල කලේ පාලකයන් ගත් වැරැදි ක්‍රියාමාර්ග වල තරම පෙන්වමින්.

RECENT ARTICLES - SINHALA

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...