24 C
Colombo
Sunday, January 19, 2025

මංගල ගමන අරඹපු චීනයේ Tansuo 3

- Advertisement -

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාව යි.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් 10,000ක් පමණ වනවා.

මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුවී ඇත්තේ චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්වවිද්‍යාලයන් හි දායකත්වයෙන්.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කේන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු දුෂ්කරතා ජය ගනිමින් ඒවායේ ඒකාධිකාරී අවහිරයන් බිඳදැමීමට සමත්වී තිබෙන බව චීන වාර්තා පෙන්වා දෙනවා.

මෙමගින් මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES