27.7 C
Colombo
Thursday, April 25, 2024

චීන තානාපති ආදම්ගේ පාලමටත් ඇස ගසයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරු පළාතේ සිය තෙදින නිල සංචාරය අවසන් දිනය වන පසුගිය දෙසැම්බර් 17වැනිදා මන්නාරම පිහිටි ආදම්ගේ පාලම නිරීක්ෂණය කිරීම එම සංචාරයේ සුවිශේෂීම සිදුවීම වුණා. පසුගිය 15වැනිදා යාපනය පේදුරුතුඩුවෙන් සිය සංචාරය ආරම්භ කළ චීන තානාපති කී සෙන් හොං එහි පළමු දිනයේදී යාපනය අරියාලෙයි මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විශේෂත්වය වූයේ උතුරු මුහුදේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ව්‍යාපෘති කිසිසේත්ම චීනයට ලබානොදෙන බව ප්‍රකාශ කරන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මෙම අවස්ථාවට එක්ව සිටීමයි. ඇමතිවරයා උතුරේ ජනයාට ප්‍රතිඥා ලබාදී ඇත්තේ අනිවාර්යයෙන්ම මෙම ව්‍යාපෘති තුන ඉන්දිය්වට ලබාදෙන බවයි. එදිනම යාපනය ධීවර සංගම් සම්මේලන කාර්යාලයට පැමිණි චීන තානාපතිවරයා එහිදී ධීවරයින්ට උපකරණ බෙදා දීමක් සිදු කරනු ලැබුවා. පසුව ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිල වෙත පැමිණ හින්දු චාරිත්රානුකුලව උඩුකය නිරුවත්ව පුජාවකටද සහභාගී වුනු තානාපතිවරයා අනතුරුව මන්නාරම දිස්ත්‍රික්කයේ ද සංචාරයක නිරත වුණා. මෙම සංචාරයේ සියලුම අවස්ථා ඡායාරූපයට නගමින් ඒවා කොළඹ චීන තානාපති කාර්යාල ට්විටර් ගිණුම ඔස්සේ කඩිනමින් යාවත්කාලින කිරීමටද තානාපතිවරයා කටයුතු කර තිබීම මෙම සංචාරයේ තවත් විශේෂත්වයක් වුණා.

චීන තානාපතිවරයා මේ ආකාරයට හදිසියේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරය කරමින් සැරසෙන්නේ කුමකටද යන්න පිළිබඳව විදේශීය මෙන්ම දේශීය ජනමාධ්‍යවලද විශේෂ අවධානයක් යොමුව පැවතුණේ බරපතල සැකයන්ද මතුකරමින්. සංචාරය අතරතුර විවිධ ස්ථානවලදී තානාපති කාර්යාල නිලධාරීන් ඩ්‍රෝන යානා ගුවනට යවමින් භුමිය පරික්ෂා කරන ආකාරයද දැකගැනීමට හැකිවුණා. ඔවුන් එසේ සිදුකරන ලද්දේ කිසිදු ශ්‍රී ලාංකිකයකුට ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ගුවන්ගත කරවීම තහනම් කර තිබෙන පසුබිමකයි. කෙසේවෙතත් තානාපතිවරයාගේ මෙම උතුරු සංචාරය සහ මෑතකදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සිදුකළ සංචාරය අතර සම්බන්ධතාවක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැහැ. මුදල් ඇමතිවරයාගේ සංචාරයේදී කඩිනමින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9කට ආසන්න ණය ප්‍රමාණයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර තිබෙනවා. එම ණය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර චීනය හේතුවෙන් පසුගිය වකවානුවේදී තරමක් ඈත්ව තිබූ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම උත්සාහ කරනු ලැබුවා. චීන තානාපතිවරයා මෙම උතුරු සංචාරය හරහා එම පළාතේ සිදුකිරීමට සැලසුම් කෙරෙන චීන ආයෝජන පිළිබඳවද අවධාරණය කිරීම ඔස්සේ උත්සාහ කරන්නේ ඉන්දියාවට සෑමවිටම වැදගත්වන උතුරු පළාතට මැදිහත්වෙමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නැවත කෙමෙන් ශක්තිමත් වන සබඳතා යළි දුරස් කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැහැ.

උතුරු පළාත් දූපත් තුනක (නයිනතිවු, නෙඩුන්තිවු සහ අලෙයිතිවු) ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙමුහුන් සූර්ය බලශක්ති ව්‍යාපෘති ‘තුන්වන පාර්ශ්වයක’ මැදිහත්වීමක් හේතුවෙන් අත්හිටුවා ඇති බව පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා. චීනයේ Sinosoar – Etechwin Joint Venture සමාගමට මෙම දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය දූපත් තුනක ආරම්භ කිරීමට 2021 ආරම්භයේදී ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. තානාපති කාර්යාලය සිය ට්විටර් පණිවිඩය හරහා ‘තුන්වන පාර්ශවය’ යනුවෙන් හඳුන්වා තිබුණේ ඉන්දියාව බව නොරහසක්. තානාපති කාර්යාලය විසින් එම පණිවිඩය නිකුත් කළ දිනයේදීම Sinosoar – Etechwin Joint Venture සමාගම මාලදිවයිනේ දූපත් කිහිපයක පුනර්ජනනීය බලශක්ති විදුලි ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව නිවේදනය කළා. කෙසේවෙතත් ඊට දිනකට පසුව නැවතත් චීන තානාපති කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ උතුරේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නිල වශයෙන් අවසන් කිරීමට මෙතෙක් චීනය තීරණය කර නැති බවයි.

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...