හොංකොංහි ස්ථානගතව සිටින චීන හමුදාව ගුවන, ගොඩබිම සහ මුහුද ආවරණය වන පරිදි විශේෂ යුද අභ්‍යාස මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම අභ්‍යාසයේ මූලික ඉලක්කය පුද්ගලයන් බෝට්ටු උපයෝගී කරගෙන හොංකොං වෙතින් පළායාම වැළැක්වීමයි.
හොංකොංහි මානව හිමිකම් ක්රියාකාරිකයන් ඇතුළු විවිධ පිරිස් එරටින් බැහැරවීමට උත්සහ දරන අතර එය වැළැක්වීමට බලධාරීන් නව නීති පවා සම්මත කර තිබේ.
නීති විරෝධී ලෙස බෝට්ටු මගින් එරටින් පළායෑමටද ඉහළ අවකාශයක් ඇති අතර මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත.
මේ පසුබිම තුළ එවැනි පළායාම් වැළක්වීම සම්බන්ධයෙන් වන පෙරහුරැවක් ලෙස අදාළ අභ්‍යාසය ආරම්භවී ඇති අතර ඒ සදහා බෝට්ටු රැසක් මෙන්ම හෙලිකොප්ටර්යානාද යොදාගෙන ඇති බව සදහන් වේ.