27.8 C
Colombo
Monday, December 2, 2024

අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල්

- Advertisement -

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදි කිරීම, පැකේජ 3 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 8 දෙනකු වෙතින් ලංසු කැඳවා තිබෙන බවයි පැවසෙන්නේ.

එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

පැකේජ 01 – මොරටුවේ නිවාස ඒකක 575ත් සහ කොට්ටාවේ නිවාස ඒකක 108 ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Chins Railway 25th Bureau Group Co. Ltd

පැකේජ 02 – දෙමටගොඩ නිවාස ඒකක 586 ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදානය කිරීම.

පැකේජ 03 – පෑලියගොඩ නිවාස ඒකක 615 ක් ඉදිකිරීම සඳහා වන ដូច M/s Shanxi Construction Investinent Group Co. Ltd. වෙත ප්‍රදානය කිරීම.

RECENT ARTICLES - SINHALA

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

POPULAR ARTICLES