භාවිතයට අහිතකර බව හෙළිවූ චීන කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම විසින් ‘ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය’ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
අදාල පොහොර තොගයේ හානිකර අර්වීනියා ඇතුළු බැක්ටීරියා ඇති බව නැවත නැවතත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව විසින් එම පොහොර තොගය ශ්‍රි ලංකාවට ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ප්‍රතික්ෂේප කිරීම් නොසලකා අදාළ පොහොර තොගය රැගත් නැව මේ වන විටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් වැරදි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තම සමාගමේ කීර්තිනාමයට හානියක් වී ඇති බවද එම සමාගම ඩේලි මිරර් වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
එමෙන්ම, තමන්ට සිදුවු කිර්තිනාම හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලමින් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්. වික්‍රමාරච්චි මහතාවෙත එන්තරවාසියක්ද යොමුකර තිබේ.
කෙසේ නමුත්, චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා අවධාරණය කර සිටිනවා.
ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කරනවා.