24 C
Colombo
Monday, December 11, 2023

පකිස්තානයත් චීන ණය ගෙවීමට බැරිව ‍හිරවෙයි

- Advertisement -

පකිස්තානයේ මාටියාරි සිට ලාහෝර් දක්වා අධිවෝල්ටීය සෘජු විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සංවර්ධන හවුල්කාරිත්වය ඇති චීන සමාගම් වෙත තම ගෙවීම් වගකීම් ඉටු කිරීමට පාකිස්ථානය අසමත් වී ඇති බව වාර්තා වේ.

රුසියානු යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඇති වූ බාධා මධ්‍යයේ පාකිස්තානයේ මූල්‍ය තත්වය අඛණ්ඩව දුර්වල වෙමින් ඇති හෙයින් අරමුදල් රැස්කිරීම ඉස්ලාමාබාද්ට තවදුරටත් අපහසු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතියේ චීන හවුල්කරුවන් ඔවුන්ගේ රජයට සහ ඉස්ලාමාබාද්හි චීන තානාපති කාර්යාලයට කනස්සල්ල පළ කරමින් 2021 සැප්තැම්බර් සිට 2022 පෙබරවාරි දක්වා කාලය සඳහා පාකිස්තානයෙන් හිමිවිය යුතු රුපියල් බිලියන 12.35 ක මුදල වහාම මුදා හරින ලෙස ඉල්ලා ඇත.

රුපියල් බිලියන 21.1 වන මුළු මුදලින්, චීන සමාගමට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් බිලියන 8.75 පමණක් බව ද පැවසේ.

චීන-පාකිස්තාන ආර්ථික හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කරන තවත් චීන බලශක්ති සමාගම් රැසක් මෙවැනි ගෙවීම් ප්‍රමාදයන්ට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින බවද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...