28 C
Colombo
Thursday, April 25, 2024

චීනයේ අසූචි, පොහොර ලෙස ගෙනන්නේ නෑ..! – මහින්දානන්ද

- Advertisement -

චීනයෙන් ආනයනය කරන කාබනික පොහොරවල කිසිඳු හානිකර ක්ෂුද්‍ර ජීවීන් කොට්ඨාශයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ එළඹෙන මහ කන්නය සඳහා ආනයනය නියමිත කාබනික පොහොරවලට අදාළ සාම්පලවල තිබී මෙරට බෝග වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවි වර්ගයක් සොයාගෙන ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

තරගකරුවන් විසි ගණනක් අතුරින් එක් සමාගමක් තෝරාගත් අතර එම චීන සමාගම දැනට ලෝකයේ වැඩිම කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම බවත් ප්‍රමිති ආයතනය හඳුන්වා දුන් පරීක්ෂණාගාරයේදී කළ නිරීක්ෂණ අනුව මේ ආනයනය කරන පොහොරවල කිසිදු ක්ෂුද්‍ර ජීවීයෙක් නොමැති බව පැහැදිලිව සඳහන් කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

කෙසේ නමුත් නිල නොවන අයුරින් අවිධිමත්ව ගෙන්වා ගත් සාම්පලයක යම් ක්ෂුද්‍ර ජීවීයෙක් සිටි බවත් එම ක්ෂුද්‍ර ජීවියා ඇතැම් භෝග වලට අහිතකර බැවින් එවැනි පොහොර ආනයනය නොකරන බවත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

නමුත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පවසන පරිදි චීනයේ වැසිකිළි වල කැළිකසල, අසූචි මෙරටට ගෙන්වා ගැනීමක් නොකරන බවත් එම පොහොර නිෂ්පාදනය කර ඇත්තේ මුහුදු පැළෑටි වලින් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...