29 C
Colombo
Friday, March 29, 2024

චීන පොහොර අහිතකර නෑ ලු

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාව විසින් නැවත නැවතත් අහිතකර බවට තහවුරු කළ චින්ඩාවෝ සිවින් බයොටෙක් චීන සමාගමේ පොහොර වල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව එම සමාගම පවසනවා.

තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී ඒ බව හෙළිවූ බවයි ඔවුන් පවසන්නේ.

චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බව අදාල වාර්තාවේ සඳහන් වන බවත් ඔවුන් පවසනවා.

කෙසේ නමුත්, නෞකාවේ ඇති කාබනික පොහොර සාම්පල තුන්වන පාර්ශවයක් මගින් යළි පරික්ෂා කිරීමේ කිසිදු සුදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා මින් පෙර පවසා සිටියා. අදාල නෞකාවේ ඇති කාබනික පොහොර මෙරටට ගොඩබෑමට කිසිඳු අවසරයක් ලබාදී නොමැති බවත් එහිදී ඔහු පවසා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීන සමාගම වන සිවින් බයොටෙක් සමූහය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි‍යක් යොමුකිරීමට කටයුතු කළා.

තම සමාගමේ පොහොර තොගයේ අහිතකර බැක්ටිරියා ඇති බවට ව්‍යාජ වාර්තා නිකුත් කිරීම මගින් සමාගමට මූල්‍යමය පාඩුවක් හා කීර්තිනායමට හානියක් සිදුව ඇති බවට අදාල එන්තරවාසියේ සදහන්.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...