33 C
Colombo
Thursday, March 28, 2024

චීන හැකරුන් ගැන අලුත්ම අනාවරණයක්

- Advertisement -

‍කැපී පෙනෙන සහ භූදේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම් සහ හොංකොංහි විශ්ව විද්‍යාල, චීනය කේන්ද්‍ර කරගත් පරිගණක දත්ත සොරාගන්නන් හෙවත් හැකරුන්ගේ නවතම ඉලක්කය වී ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගමේ වාර්තාවක් උපුටා දක්වමින් තායිවාන ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

2020 වර්ෂයේ ජූලි මාසයේ සිට 2021 වර්ෂයේ ජූනි මාසය දක්වා කාලය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කර ඇති ඩිජිටල් ආරක්ෂණ වාර්තාවට අනුව චීනය කේන්ද්‍ර කරගත් ක්‍රෝමියම් නම් සයිබර් ක්‍රියාකාරී කණ්ඩායම හොංකොං, තායිවානය, ඉන්දියාව, මැලේසියාව,මොංගෝලියාව, තායිලන්තය වැනි රටවල සංවේදී සමාජ, ආර්ථික සහ දේශපාලන සිදුවීම් ඉලක්ක කර ගෙන කටයුතු කර ඇත.

ඊට අමතරව බීජිනයට එරෙහි මතවාද පෝෂණය කිරීමේ නිරත, හොංකොං සහ තායිවාන්හි විශ්ව විද්‍යාල මෙම සයිබර් හැකරුන්ගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම සියලුම රටවල රජයේ ආයතන, විශේෂයෙන් විදුලි සංදේශ ආයතන මොවුන්ගේ ඉලක්ක අතර කැපී පෙනෙන බව ද සදහන් වේ.

මින් පෙර මෙම හැකරුන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්ව තිබුණේ, බුද්ධිමය දේපළ සහ තාක්ෂණික රහස් සොරා ගැනීම වුවද මේ වනවිට එම තත්වය මෙලෙස වෙනස් වී ඇති බව අදාළ මයික්‍රොසොෆ්ට් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...