25 C
Colombo
Friday, December 3, 2021

ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන බිදවැටේ

- Advertisement -

2020 දී ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන 61% කින් පහත වැටි ඇති අතර එය වසර හයකට පසු වාර්තා වූ අඩුම අගයයි.

2020 දී වාර්තා වී ඇත්තේ චීන ආයෝජන 20 ක් පමණි.

චීන ආයෝජනවල මුළු වටිනාකම ඩොලර් බිලියන 1.57 ක් වූවත් 2019 වසරේ සිට පසුගිය වසරේ පහත වැටීම 47% අගයකින් පහත වැටුණි.

මෙසේ ආයෝජන පහත වැටීම සිදුවන්නේ දෙරට අතර වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික මත භේදයයි.

Chinese Investment in Australia හෙවත් CHIIA එකඟතාවයේ නැගෙනහිර ආසියානු ආර්ථික පර්යේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝ ආම්ස්ට්‍රෝං පැවසුවේ ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන පහත වැටීම හේතුවෙන් පසුගිය වසරේ එරට ගෝලීය විදේශ ආයෝජන පහත වැටී ඇති බවයි.

චීන සමාගම් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ සියලුම අංශ වෙත ආයෝජනය කර ඇති නමුත් පසුගිය වසරේදී ඔවුන් මිලදී ගත්තේ දේපල වෙළඳාම් (ඩොලර් මිලියන 357), පතල් (ඩොලර් මිලියන 321) සහ නිෂ්පාදන (ඩොලර් මිලියන 119) යන අංශයන් පමණි.

පසුගිය අගොස්තු මසදි ජපාන බීම සමාගමක් වන ඕස්ට්‍රේලියානු අනුබද්ධ ලයන් ඩෙයරි සමාගම එම බීම චීනයේ මැන්ග්නියු ඩෙයරි සමාගම වෙත විකිණීම නතර කළේය.

එසේම ඕස්ට්‍රේලියාව විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී කොවිඩ් -19 වසංගතයේ මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් දැඩිව ඉල්ලා සිටි බැවින් එය චින වෙළඳ සබඳතා විශේෂයෙන් පලුදු වීමට බලපෑවේය.

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය බාර්ලි, වයින්, හරක් මස් සහ පොකිරිස්සන් වැනි ඕස්ට්‍රේලියානු භාණ්ඩ සඳහා තීරුබදු හෝ වෙළඳ සීමාවන් පනවා ඇත.

මේ නිසා වයින්වල ගාස්තු 200% ට වඩා වැඩි අගයක් ගෙන තිබේ.

– විදෙස් කොළම Facebook පිටුවෙන් –

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...