26 C
Colombo
Thursday, March 28, 2024

චීනය වන්දි ඉල්ල‍යි; ඒත් පෝර බාන්න දෙන්නෙ නෑ – කෘෂිකර්ම ලේකම්

- Advertisement -

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව නැවත නැවතත් තහවුරු වූ චීන පොහොර නැවේ පොහොර තොගය ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා.

පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් අතර ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවතියා.

එම සාකච්ඡාවේදී මේ බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බවයි මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසන්නේ.

අදාළ පොහොර තොගය ලංකාවට එවු චීන සමාගම ලංකා ශාක නිරෝධායන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දියක් ඉල්ලා ඇති පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් මෙලෙස සාකච්ඡා පවත්වනු ලැබුවා.

ශාක නිරෝධායන ආයතනය තම සමාගමේ පොහොර සාම්පල තුළ තිබී අර්වීනීයා නමැති බැක්ටීරියා සොයා ගත් බව පැවසීම සත්‍යයෙන් තොර බව පවසමින් එම කරුණ ප්‍රතික්ෂේප කරන චීන සමාගම ශාක නිරෝධායන ආයතනය සත්‍යයෙන් තොර වාර්තාවක් පළ කිරීම හේතූවෙන් තම සමාගමට ඉමහත් අපකීර්තියක් වු බව කියමින් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දියක් ඉල්ලා තිබෙනවා.

මෙවන් පසුබිමක් යටතේ පැවැති සාකච්ඡාවේදී මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇති බවත් ලංකා ශාක නිරෝධායන ආයතනය ගන්නා ලද තීරණය හේතූවෙන් අදාළ පොහොර තොග ලංකාවට ගොඩබෑමට ඉඩ ලබාදීමට හැකියාවක් නැති බව චීන තානාපති නිලධාරීන්ග්‍ර්‍ර් අවධානයට ලක් කළ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

සාකච්ඡාව අවසානයේ චීන තානාපති කාර්යාලයේ සහ චීන සමාගමේ නියෝජිතවරු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් පිටව ගියා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“චීන තානාපතිතුමා මගෙ අමාත්‍යාංශයට එනවයි කිව්වාම මම එතුමාට එන්න දුන්නා. අපි එතුමාට අවස්ථාව දුන්නා එතුමාත් එක්ක සුහද සාකච්ඡාවක් කරන්න. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ මතය අපි එතුමාට පැහැදිලි කළා. අධිකරණයේ මේ පිළිබඳ නඩුවක් තියෙනවා, ඒ නඩුව තියෙන නිසා මට මේ පිළිබඳ මගේ මතයක් ප්‍රකාශ කරන්න බෑ”


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...