මහජන චීන හමුදාවේ සාමාජිකයන් පකිස්තානය විසින් පාලනය කරන කාශ්මීරය හෙවත් අසාද් කාශ්මීරයේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට 40 ක පමණ චීන හමුදා කණ්ඩායමක් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදී අසාද් කාශ්මීරයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව තොරතුරු රැස්කරන බවයි.
මෙම හමුදා කණ්ඩායම් දේශසීමාවේ ආරක්ෂාව, ගම්මානවල පිහිටීම සහ දේශ සීමාව ආශ්‍රිත විවිධ කටයුතු පිළිබද තොරතුරු රැස්කරන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
මෙම පිරිස සමග පකිස්තාන බුද්ධි අංශය හෙවත් අයිඑස්අයිහි සාමාජිකයන් ද ඒකාබද්ධව කටයුතු කරන බව සදහන් වේ.