චීනය සිය ආරක්ෂක වියදම් වාර්තාගත ලෙස ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව පෙර වසරට සාපේක්ෂව 2022 සඳහා වූ ආරක්ෂක වියදම් සියයට 7.1කින් ඉහළ දමා ඇති අතර එම වැඩිවීම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් පමණ වන බව සදහන් වේ.
මෙය චීන ඉතිහාසයේ වැඩිම ආරක්ෂක වියදම් ඉහළ දැමීම බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් විසින් හමුදා උපකරණ නියාමනය කිරීමේ නව නීති මාලාවක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබේ. නියෝගයකට අත්සන් තබා ඇත.
යුධ උපකරණ නියාමනය, අධීක්ෂණය සහ කළමනාකරණය සඳහා මූලික කාර්යයන් සිදු කිරීම සදහා වන පරිච්ඡේද හයකින් සමන්විත මෙම රෙගුලාසි මාර්තු 20 දින සිට බලාත්මක බව ද පැවසේ.