අපේ‍්‍රල් 26 වැනිදා කරච්චි විශ්වවිද්‍යාලයේදී බලුකිස්තාන් විමුක්ති හමුදාව (BLA) විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් චීන ජාතිකයන් 3 දෙනෙකු සහ එක් පකිස්ථානු පුරවැසියෙකු මිය යාමෙන් පසු චීන ජාතිකයින් විශාල පිරිසක් පාකිස්ථානයෙන් පිටව යමින් ඇති බව වාර්තා වේ.
ආරක්ෂක ඇදුම් පැලද චීන ජාතිකයන් විශාල පිරිසක් කරච්චි ගුවන් තොටුපළෙන් පිටත්ව යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවලද පුලුල් ලෙස හුවමාර වෙමින් පවතී.
ඒ අනුව මේ වන විට චීන ජාතිකයින් 2000 කට වැඩි පිරිසක් පකිස්ථානය හැර ගොස් ඇති බව එරට වාර්තාවල දැක්වේ.
එක තීරයක් එක මාවතක් (One Belt One Road) ව්‍යාපෘතියේ කොටසක් ලෙස පකිස්ථානයේ සින්ද් සහ බලුකිස්තාන පළාත්වල චීන ඉංජිනේරුවන් සහ අනෙකුත් කම්කරුවන් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර බොහෝ චීන ගුරුවරු පාකිස්ථානුවන්ට මැන්ඩරින් භාෂාව පවා උගන්වනු ලබති.
චීන ගුරුවරුන් 3 දෙනෙකුට මරු කැඳවූ මරාගෙන මැරෙන ප්‍රහාරය කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයෙන් පිටත සිදු කරන ලද අතර බලුකිස්තාන් විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය.