24 C
Colombo
Monday, December 11, 2023

චීන හැකරුන් ගැන බටහිරින් අනතුරු ඇඟවීමක්

- Advertisement -

චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන සයිබර් ප්‍රහාරක කණ්ඩායම් සම්බන්ධයෙන් ඇමරිකාව, නේටෝ සංවිධානය ඇතුළු තවත් රටවල් රැසක් අනතුරු අඟවා තිබේ.

මෙම හැකරුන් ඇමරිකාව, යුරෝපා රටවල්, බ්‍රිතාන්‍යය ඇතුළු නේටෝ සාමාජික රටවල්ද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් ද ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි බව අදාළ අනතුරු ඇගවීම් නිවේදනයේ දැක්වේ.

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක සයිබර් ආරක්ෂණ ඒකක මගින් නිකුත් කර ඇති එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ නව තාක්ෂණය, සංවේදී දත්ත සහ බුද්ධිමය දේපළ සොරාගැනීම මෙම සයිබර් ප්‍රහාරකයන්ගේ මූලික අරමුණ බවයි.

මේ හේතුවෙන් අදාළ රටවල ආර්ථික, දේශපාලන ආරක්ෂක ,අධ්‍යාපනික, සහ තීරණාත්මක යටිතල පහසුකම් සම්බන්ධ දත්ත ඇතුළත් පරිගණක පද්ධති ආරක්ෂාවට අදාළව උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම සයිබර් ආරක්ෂණ ඒකක අවධාරණය කර තිබේ.

මේ අතර ඔස්ලෝහි චීන තානාපතිවරයා තමන් වෙත කැදවූ නෝර්වේ විදේශ අමාත්‍යාංශය පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබේ.

ඉකුත් මාර්තු මාසයේ නෝර්වේ පාර්ලිමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරය චීනයේ සිට ක්‍රියාත්මක වූවක් බව අනාවරණයවීම ඊට හේතුවයි.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...