29.7 C
Colombo
Tuesday, April 23, 2024

ශ්‍රී ලංකාවේ සාරය උරා බොන චීන වෙළෙඳ සහයෝගීතාව

- Advertisement -

ආසියාවේ බලවතා බවට පරිවර්තනය වෙමින් කලාපයේ ආධිපත්‍යය පතුරුවාලීම සඳහා චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන “එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය මේ වන විට විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ ගැටළු රැසක් නිර්මාණය කර තිබෙනවා.

ලොව ආර්ථික බලවතා වීමේ අරමුණින් , දිළිඳු රටවල සාරය උරාබොන යක්ෂයෙකුගේ වෙස් ගත් චීනය එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය හරහා මේ වන විට ලොව රටවල් රැසක් දැවැන්ත ණය උගුල් වලට හසුකර අවසන්.

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ණය හා තාක්ෂණය ලබාදෙමින් මිත්‍ර සෙයියාවෙන් සිදුවන මෙම ආක්‍රමණයන් තේරුම් ගැනීමට බොහෝ රටවලට පසුකාලීනව හැකි වුවත් එහි කිසිදු ඵලක් නොවන්නේ ඒ වන විටත් අශ්වයා පැනගොස් අවසන් බැවින්. 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීනය විසින් තෝරාගෙන ඇති ආසියානු කලාපයේ සියලුම රටවල පොදු ලක්ෂණයක් නම් පවුල් හෝ හමුදා පාලනයකට නතුවූ රටවල් වීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල කොමිස් මගින් නායකයන් බිලීබා ගැනීමට අසීරු වීම ඊට හේතුව විය හැකියි.

ශ්‍රී ලංකාව මේ වන විටත් චීන ණය උගුලේ පැටලී සිටියත් දෙරට අතර හොඳ හිත යම් තරමකට පළුදු වූයේ පසුගිය කාලය තුළ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සමඟිනි.

පොහොර නැවේ අර්බුදය ඒ අතරින් ප්‍රධානයි. එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය තවත් වසර 50කට ඉන්දීයාව සතු වීමත් භූ දේශපාලනිකව චීනය⁣ට දරුණු ආතතියක්. ඒ හා සමගාමීව ශ්‍රී ලංකාවට අයත් උතුරේ දූපත් කිහිපයක යෝජිතව තිබූ චීන බලශක්ති උත්පාදන ව්‍යාපෘති හකුලා ගැනීමට සිදුවීමත් චීනයේ දැඩි කනස්සලට හේතු වුණා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා  චීන-ශ්‍රී ලංකා ද්වීපාර්ශ වික සබඳතා වන්ගේ 65 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වුණු සැමරුම් උළෙලට එක්වීම සඳහා පසුගියදා මෙරට
සංචාරයක නියැලුනේ මෙවන් පසුබිමක්  තුලයි.

ඉතා කෙටි සංචාරයක් වූ එය පැය 18කට සීමා වුණා.

මෙම සංචාරයේදී චීන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙරට  ඉහළ මට්ටමේ  නියෝජිතයන් හමුවූ අතර එහිදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා.

•ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම
•කාෙළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස වයාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය.
•බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාවේ  (BMICH) තාක්ෂණික
සහයෝගිතා වයාපෘතිය බාරදීමේ සහතිකය
• වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගිතාවට අදාල
ව්‍යාපෘතිය  භාරදීමේ සහතිකය ද මෙම ගිවිසුම් අතර  වුණා.

මම ගිවිසුම් මගින් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බව පැවසුනද සැබැවින්ම ගතවූ කාළසීමාව තුල
එය සිදුවී ඇත්ද යන්න විශාල ගැටළුවක්.

මක්නිසාදයත් අතීත ගිවිසුම් හා දෙරටේ  ගනුදෙනු පිළිබද සමාලෝචනය කිරීමේදී පෙනීයන වැදගත්ම කරුණක් වන්නේ මෙවැනි ගිවිසුම් හා එකගතාවයන් මගින් චීනය , ශ්‍රී ලංකාවේ සාරය විටෙන් විට විට පසුගිය 65 වසර පුරාම උරාබී ඇති බවයි.

2015-2020 දක්වා වසර පහ තුළ, චීනය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳාම ක්‍රමානුකූලව පහත වැටී තිබීම මීට මනා ලෙස නිදසුන් සපයනවා.

ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙන පරිදි, 2018 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 230.59 වූ මෙරට චීන අපනයන වටිනාකම 2019 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 229.06 දක්වාත් 2020 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 223 දක්වාත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් පහත වැටුණා.

2020 දී ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳාමෙන්, අමෙරිකා එක්සත් ජනපදය 24.9% ක්, එක්සත් රාජධානිය 9.06% ක් සහ ජර්මනිය 5.68% වැනි ඉහළ පංගුවකට හිමිකම් කීවත්, හිත මිතුරු වෙසින් පැමිණි චීනයේ පංගුව දැක්වෙන්නේ  2.22% ක් තරම් වූ පහළ අගයකයි.

වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ අසමතුලිතතාවය 2020 දී චීනය සමඟ වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන සෘණ 3.35 ක් ලෙස දැක්වෙනවා.

චීනය ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා ඩොලර් මිලියන 223 ක භාණ්ඩ හා සසඳන විට චීනයෙන් අප රට සිදුකරන ආනයන ඩොලර් බිලියන 3.57 දක්වා ඉහළ ගොස් තිබීම සැළකිය යුතු තත්ත්වයක්. 

වෙළඳපොළ දත්ත විශ්ලේෂකයින් පවසන්නේ ශ්‍රී ලංකාවෙන් කිසිදු පලතුරක්  මිලදී ගැනීමට චීනය පසුගිය සමයේ කටයුතු කර නොමැති බවයි.

ඒ අනුව පෙනීයන්නේ සිය ලාභය හා වාසිය පමණක් අරමුණු කර ගනිමින් චීනය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් 17 වන දින, Fitch Ratings හි ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ‘CC’ සිට ‘CCC’ දක්වා පහත හෙලීමත් සමග ශ්‍රි ලංකාව, දැවැන්ත චීන ණය උගුලක සිරව ඇති බවට සාක්ෂි  සපයනවා.

මේ අතරවාරයේ මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකාව, ඔක්තෝම්බර් මාසයේදී සිය ණය  ශ්‍රේණිගත කිරීම් වල පහත හෙළනු ලැබුවා.

2020 දී ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල, අමෙරිකා එක්සත් ජනපදය වූ අතර එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

එම වසරේදී ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් සිදුකළ ආනයන, ඇමරිකානු ඩොලර් මිලියන 495.24 ක් පමණක් වූ අතර ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.01 ක හිතකර වෙළඳ ශේෂයක් එම වසරේදී පවත්වා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

චීනය ලෝක බලවතා වීමේ තරගයක නිරතවන අතරවාරයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති වක්ක්‍රාකාර තර්ජනයන්ගේ ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්දියාව, ජපානය,අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව,කොරියාව,මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් සමග ශ්‍රී ලංකාව අතීතයේ සිට පවත්වාගෙන ගිය හොදහිත පලුදුවීමයි.

2020 දී චීනය මෙරටින් මිලදී ගත් ඇඟලුම් වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 62.69 ක් පමණක් වූ අතර එය 2019 දී සිදුකළ ඇමරිකානු ඩොලර් මිලියන 67.44 ක් වූ මිලදී ගැනීම් වලට සාපේක්ෂව 7.04% ක පහත වැටීමක්.

ඒ අනුව ශ්‍රී ලංකවෙන් සිදුකරන මිලදී ගැනීම් චීනය ක්‍රමානුකූලව අත්හැර දමා ඇති බව මෙම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

චීනයට වඩා ශ්‍රී ලංකාවෙන් තේ තොග මිලදී ගැනීම තුර්කිය, රුසියාව, ඉරානය සහ ඉරාකය සිදුකරන බව දත්ත වාර්තා වල සදහන්.

ඒ අනුව චීනය වෙත ශ්‍රී ලංකාව සිදුකළ තේ අපනයනය විශාල ලෙස පහත වැටී ඇති අතර එහි අගය 2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 05.44ක් වුවත් 2020 දී එය අමෙරිකානු ඩොලර් මිලියන 04.92m දක්වා 9.55% කින් පහත ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

මීට අමතරව පැකට් වශයෙන් චීනය වෙත තේ යැවීමද සැළකියයුතු ලෙස පහත වැටී ඇති අතර 2018 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 06.65ක් වූ එහි වටිනාකම, 2019 අමෙරිකානු ඩොලර් මිලියන 5.44 දක්වාත් 2020 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 4.92 දක්වාත් විශාල සෙල පහත වැටුණා.

මේ අතර චීනය යටතේ පාළනය වන හොංකොං වෙත 2020 දී, ශ්‍රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.64ක් වූ අතර ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 220.8ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව එහි වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන ඍණ 116.16 ක් වූ අතර එයද ශ්‍රී ලංකාවට අහිතකර එකක් වුණා.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ හොංකොං වෙත යන ඇඟලුම් භාණ්ඩ 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 37.35 සිට ඇමරිකානු ඩොලර් මිලියන 23.97 දක්වා 13.38% දක්වා පහත වැටුණු බවයි.

හොංකොං වෙත 2020 දී තේ තොග නැව්ගත කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 14.99 සිට ඩොලර් මිලියන 11.29 දක්වා පහත වැටුණා.

මීට අමතරව මෙරට මැණික් අලෙවි කරන්නන්ටද හොඳ ආදායමක් නොලැබෙන  අතර, පෙර වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 52.29 හා සසඳන විට 2020 දී ඒ හරහා උපයා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 13.65ක් පමණයි.

මත්ස්‍ය අපනයන ආදායමද ඇමෙරිකානු ඩොලර් මිලියන 8.97 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.06 දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාව පොකිරිස්සන්, කකුළුවන් සහ ඉස්සන් හොංකොං වෙත ප්‍රදාන වශයෙන්  අපනයනය කරන අතර එම ව්‍යාපාරයන්ටද මේ වන විට කණකොකා හැඩීමට පටන්ගෙන තිබෙනවා.

පොකිරිස්සන් පැටවීම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.07 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.52 දක්වා පහත වැටී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

මේ අනුව බලන විට පැහැදිලි වන්නේ තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොල සහ ශ්‍රී ලංකාවේ අපනයන ගැලවුම්කරුවන් වන්නේ එක්සත් ජනපදය සහ යුරෝපය මිස චීනය නොවන බවයි. චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන බව පවසමින් වැඩි පොලියට ණය ලබාදෙමින් සිටින අතර අදාල ණය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල ඉදිකිරීම්ද චීන සමාගම් වෙතම ලබාගැනීමෙන් එම ව්‍යාපෘති වෙනුවෙන් වැයකෙරෙන ඩොලර් ප්‍රමාණයද නැවත වතාවක් චීනයටම රැගෙන යනු ලබනවා.

නමුත් චීනය බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව බිත්තියට හේත්තු කොට තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම⁣ට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා පැය 18ක් ශ්‍රී ලංකාවේ ගතකරමින් ඉන්දියාව දෙසට නැඹුරු වූ ශ්‍රී ලංකාව නැවත වටයකින් සිය ග්‍රහණයේ තබා ගැනීමට අවශය සැලසුම් ක්‍රියත්මක කරන්නට ඇකි බවට සැක නැහැ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...