33 C
Colombo
Thursday, April 18, 2024

චීනය නේපාලයේ ආර්ථිකය හිර කරයි

- Advertisement -

නේපාල දේශසීමාවේ නිරීක්ෂණ ආරම්භ කිරීම ඇතුළු චීනයේ අප්‍රකාශිත අවහිර කිරීම් නේපාල ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් සැලකිය යුතු ව්‍යාපාරිකයන් සංඛ්‍යාවක් ඉන්දියාවේ කල්කටා වරාය හරහා ව්‍යාපාර ආරම්භ කර ඇති බව නේපාල හිමාලයානු හරස් දේශසීමා වාණිජ මණ්ඩලය පවසා තිබේ.

විදෙස් වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට කොවිඩ්-19 මුවාවෙන් චීනය ඒකපාර්ශ්විකව නේපාලය සමඟ දේශසීමා වසා දමා ඇති අතර ඒවා විවෘත කරන ලෙස නේපාල ව්‍යවසායකයින් කළ ඉල්ලීම නොතකා හැර ඇති බව පැවසේ.

චීනය Tatopani සහ Kerrung මුරපොළ හරහා භාණ්ඩ ආනයනයට බාධා කරමින් නේපාලයට අප්‍රකාශිත අවහිරයක් පැනවීමට දිගින් දිගටම කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, නේපාල වෙළඳුන් විසින් මිලියන ගණනින් ණයවර ලිපි (LC) විවෘත කිරීමෙන් පසු ලබා ගත් භාණ්ඩ රැගත් බහාලුම් විශාල ප්‍රමාණයක් චීනයේ විවිධ නගරවල මාස ගණනාවක් තිස්සේ හිර වී ඇතැයි ද පැ‍වසේ.

ව්‍යාපාරිකයින්ට අනුව, නිදහසට විවිධ කරුණු කියන චීනය තවමත් නේපාල ට්‍රක් රථවලට පෙර මෙන් Tatopani සහ Kerung මුරපොළවලින් යාමට අවසර ලබා දී නොමැත.

නේපාල-චීන රේගු මුරපොළවල් හරහා ගණුදෙනු පහසු කරන ලෙස නේපාල ව්‍යාපාරිකයන් ඉල්ලා සිටියත් ඒ සඳහා චීන බලධාරීන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී නැතැයි නේපාල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක්...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති...

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...