නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ මෙසේ තුවාල ලබා ඇත්තේ පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ කමතවත්ත පාර ප්‍රදේශයේ පදිංචි (18 -36) වයසේ පසුවන අට දෙනකු බවයි.
අම්බලන්ගොඩ හෙරලියාවල කමතවත්ත පාර ප්‍රදේශයේ නිවසක නත්තල වෙනුවෙන් ඊයේ (25) සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස සාදය පවත්වමින් සිටියදී ඊට යාබද නිවසක පිරිසක් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යකඩ පොලු , මුගුරු අතැතිව සාදය පැවති නිවසට පැමිණ පහර දීමක් සිදු කර තිබෙනවා.
එම අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර විසි කැත්තකින් හා යකඩ පොලු වලින් පහර කා ඉන් තුවාල ලැබූ දෙපාර්ශවයේම 8 දෙනකු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසෙනවා.