28.4 C
Colombo
Friday, April 26, 2024

CIA ප්‍රධානියා තලේබාන් දේශපාලන නායකයා මුණගැසෙයි

- Advertisement -

CIA සංවිධානයේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් තලේබාන් සංවිධානයේ ඉහළම දේශපාලන නායකයා වන මුල්ලා අබ්දුල් ඝානී මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇතැයි ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයෙන් අගෝස්තු 31 වැනිදා වනවිට ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බව බයිඩන් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් මේ වනවිට එම කාලය ප්‍රමාණවත් නැතැයි බයිඩන් පරිපාලනයේ විශේෂඥයේ මෙන්ම එක්සත් රාජධානිය, ප්‍රංශ වැනි මිත්‍ර රටවල් ද අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් නියමිත දිනට ඇමෙරිකානු ඇතුළු විදේශීය හමුදා ඉවත් කර නොගන්නේ නම් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි තලේබාන් සංවිධාන‌යේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් බී.බී.සී. සහ අල්ජසීරා පුවත් සේවය සඳුදා වාර්තා කර තිබිණි.

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ලොව ධනවත් රටවල කණ්ඩායම ලෙස සැලකෙන G7 කණ්ඩායමේ නායකයන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අඟහරුවාදා දිනයේදී මුණ ගැසීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

මෙම තත්ත්වය මැද සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඇෆ්ගනිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන් මුදාගැනීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය යැයි ප්‍රංශය සහ එක්සත් රාජධානිය පෙන්වා දී තිබෙන රැඳී සිටින කාලය දීර්ඝ වෙත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් ඇතැයි බයිඩන් පරිපාලනයේ උපදේශකයන් පෙන්වා දී තිබේ.

G7 කණ්ඩායමේ හමුවේදී එම රටවල රාජ්‍ය නායකයන් ඇෆ්ගන් සරණාගතයන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

අගෝස්තු 14 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයෙන් 48,000කට වැඩි පිරිසක් මුදාගෙන ඇතැයි ධවල මන්දිරය උපුටා දක්වමින් සී.එන්.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඔවුන්ගෙන් බොහෝදෙනා මේ වනවිට ජර්මනිය, ඉතාලිය, කුවෙට්, කටාර්, සහ ස්පාඤ්ඤය ඇතුළු තවත් රටවල් කිහිපයක ඇමෙරිකානු කඳවුරුවල රැඳී සිටිති.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි සැසියක් ඊයේ (24) පැවැත්විණි.

තලේබාන් සංවිධානය ඝාතන කර ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි එහිදි කියැවිණි.

තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතු බව මෙහිදි අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ පැවැසුවා ය.

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය හේතුවෙන් නේටෝ සංවිධානය තුළ ත් බටහිර මිත්‍ර සන්ධානයත තුළත් යම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ප්‍රධාන වශයෙන් ඇමෙරිකානු නායකත්වය යටතේ බටහිර රටවල් ඇමෙරිකාවට පසු පසින් ගමන් කිරීමේ තත්ත්වය යි. අනෙක් අතට ඇමෙරිකාව සිය මිත්‍ර රටවල් අත්හැර දැමුවේ ය යන චෝදනාව ද එල්ල වී තිබේ.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් හොර රහසේ පිටව යෑමෙන් ත්‍රස්ත සංවිධානවලට පණිවුඩයක් දී තිබේ.

විශේෂයෙන්ම ලොවපුරා ව්‍යාප්ත වී තිබෙන සන්නද්ධ කණ්ඩායම්, ත්‍රස්ත සංවිධානවලට ජයග්‍රාහී උපායමාර්ගික පණිවුඩයක් මෙමඟින් ලැබී තිබේ.

අනෙක් අතට ඇමෙරිකාව විශ්වාසනීය මිත්‍ර පාර්ශවයක් ද යන සැකය ද රටවල් අතර ඇති වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...