29.7 C
Colombo
Tuesday, April 23, 2024

සුදුළූණු ලිපිය ගැන හොයන්න ලංකාදීපයට CID එයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) පෙරවරුවේ පැමිණි බව එහි සේවකයින් පවසනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ ලිපිය සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ සිරි රණසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමට සූදානමක් නොමැති බවයි.

ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම්දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අද (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිළිබදව රජය කණගාටුවට පත්වන බවයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයකින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවටත් මෙම කරුණ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැදිහත්වී ඇතිබවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කිරීමට එම කාර්යාලයට යෑම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

ඉරානය හා ලංකාව අතර නව ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතයි. මහවැලි...

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...