33 C
Colombo
Friday, March 29, 2024

බිංගිරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ලොරි රථය ගැන විමර්ශන CIDයට

- Advertisement -

බිංගිරිය විලවත්ත ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ඊයේ (24) දිනයේ මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා රාත්‍රියේ විලවත්ත ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කර තිබුණා.

මෙම ලොරි රථයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුතු සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ය බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සොයාගත් අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 44 යන වයස්වල පසුවන අය බවයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ සිට ධීවර කටයුත්තක් සඳහා රැගෙන ආ බව සැකකරුවන් විසින් පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පොලීසිය හමුවේ කියා සිට ඇත්තේ කොළඹ ප්‍රදේශයට ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් සිටි බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...