හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙම විමර්ශනය පිළිබඳව දැනුම් දී තිබුණා.
අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ අදාළ විමර්ශනය සිදුකරන බවයි.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු යටතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා.
අදාළ නිලධාරීන් දෙදෙනා දැනට විදේශගතව සිටින බැවින්, ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහාය ඉල්ලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.