24 C
Colombo
Thursday, January 23, 2025

සුදුවෑන් වලින් මිනිසුන් උස්සා, කිඹුල්ලුන්ට කන්න දාපු කතාව ඇත්ත කියා CID නිලධාරීන් පිළිගත්තා – රාජිත

- Advertisement -

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා, අතුණු බහන් කොටස් ඉවත් කර, මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ එම සත්‍ය කරුණු වසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට පත් නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවයි.

යහපාලන සමයේ සිදුකළ අපරාධ පරීක්ෂණ අඩාල වුයේ ඇතැම් අයගේ අනවශ්‍ය කලබලය නිසා බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

එවක පිහිට වූ පොලිස් අපරාධ කොට්ටාශය භාරව සිටි ප්‍රධාන නිලධාරියාද දුෂිත ක්‍රමවේදය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කරනවා.

කෙසේවෙතත් රජයකට මෙම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර වරදකරුවන්ට දඩුවම් පැමිණවීමට වසර පහක කාලයක් පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහු පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES