23 C
Colombo
Thursday, February 13, 2025

රනිල්ගේ අත්සනින් යුත් ලිපියක් ගැන CID විමර්ශන

- Advertisement -

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කරන විශේෂ නියෝගක් ලෙස කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නට නිකුත් කරන ලද නියෝග ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට එම ජාවාරම සිදු කිරීමට අවසර දෙන ලෙස කරුණු ඇතුළත් කරමින් සිදු කරන ලද නියෝගයක් එම ලිපියෙහි අන්තර්ගතව තිබෙනවා.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, හිටපු පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමු කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂක ලේකම් වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට යොමු කර ඇති බව පොලීසිය වැඩිදුර වාර්තාවක් යොමු කරමින් අධිකරණයට දන්වා සිටියා.

හිටපු පොලිස්පතිවරයාද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස් දී ඇති බවත් මෙම ලිපිය ව්‍යාජ ලිපියක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලීසියට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES