25 C
Colombo
Thursday, January 16, 2025

රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමේ චක්‍රලේඛය එළියට

- Advertisement -

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.

2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් යෝජනා කර ඇති බව සඳහන් වනවා.

අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර තිබෙන බවයි පැවසෙන්නේ.

එමගින් මහභාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවයි.

රජය සතු ව්‍යවසායන් හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES