25 C
Colombo
Friday, March 29, 2024

ලැදියාවන් හෝ බලපෑම් මත සංචරණ සීමා ඉවත් නොකළ යුතුයි – මහාචාර්ය නීලිකා මලවිගේ

- Advertisement -

ලැදියාවන් හෝ බලපෑම් මත සංචරණ සීමා ඉවත් නොකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ සංචරණ සීමා ඉවත්කිරීමට මෙන්ම සංචාරක ක්ෂේත්‍රය යළි පණගැන්වීමටද ක්‍රියාකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකට මිසක පුද්ගලයන්ගේ විශාල හඩවලට හෝ දැනහැදුනුම්කමට නොවන බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ 16 වන සුජාතා ජයවර්ධන සමරු දේශනය අන්තර්ජාලය ඔස්සේ සිදු කරමින් ඇය මෙම අදහස් පළ කළා.

“දැන් පවතින සීමා ඉවත් කරාට පසු අපි සංචාරක කර්මාන්තය අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕන මේ සියලු දේවල් විද්‍යාත්මක පසුබිමක් සහිතව තමයි කරන්න ඕන. විශාල හඬවල්වලට හරි දැන ඇඳුනුම්කම් අනුව හරි ඒක සිදු නොකළ යුතුයි. සියලුම සීමාවන් ඉවත් කරන විට එය සිදු කළ යුත්තේ ද විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. මොකද එහෙම කළහොත් අපට නැවතත් දැඩි පියවර ගැනීමේට අවශ්‍ය වන්නේ නැහැ. ලොව පුරා වෛරස පැතිරයාමෙන් මිනිස් ජීවිතවලට හා ලෝක ආර්ථිකයට ඇතිකර ඇති බලපෑම ලෝක යුද්ධ සහ වෙනත් යුද්ධ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා බරපතලයි. එය මෙම වසංතයෙන් මුළු ලෝකයටම ඉගෙන ගත හැකි පාඩමක්. අපි ආයෝජනය කරන්න ඕන විද්‍යාව හා තාක්ෂණය මත. මොකද අපි හොඳ පෙර සුදානමිකින් සිටිය යුතුයි මේ අදුෂ්‍යමාන තර්ජනවලට මුහුණදීමට. ඒ අදෘෂ්‍යමාන තර්ජන තමයි මාරාන්තිකම”

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...