එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන්නැයි ඉල්ලා රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, ඔහු මෙරට ජනතාව සුවපත් කළ නායකයා බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති ජන රැළියක් අමතමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මට එක සහතිකයක් දෙන්න පුළුවන්. එයාව ඔබ එක පාරක පත් කරගන්න. ඔබේ මුළු ජීවිතීම ආලෝකමට්ය්හ් වෙයි. මුළු රටම ආලෝක වෙයි. ආසියාවේ රටක් වෙයි. ලෝකේ බලවත් රටක් වෙයි. මම පිස්සුවට නෙවෙයි කියන්නේ එතුමට අවුරුදු 12ක් දෙන්න කියලා මේ සෙල්ලම දැකපු දේශපාලකයෙක් විදිහට…
සජබේ ඉන්නේ පොඩි ළමයි ටිකක්. එයාලගේ තියෙන්නේ වෛරය ක්‍රෝධය. එයාලට නෑ දර්ශනයක්. රනිල් දර්ශනයක් හදලා තියෙනවා…
අපි හරිනම් ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලඔකාවේ රැස්වීම් තියන්න ඕනේ නෑ. බලන්නකෝ අපේ සමාජයේ තියෙන නූගත්කම. රනිල් මහත්තයාට ඡන්දේ දෙන්න කියලා රැස්වීම් තියන්න ඕනිද? එයා ඔක්කොම සුවපත් කරපු මිනිහනේ. ඔබ ඇස් දෙක පියාගෙන 21 වෙනිදා ගිහිල්ලා ඡන්ද පොළේ යටින්ම තුන්වෙනියට තියෙනව ගෑස් එකට.”