31 C
Colombo
Wednesday, February 12, 2025

සමූපකාරයෙන් රතු කැකුළු වැඩි මිලට විකුණලා

- Advertisement -

යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසනවා.

ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතු වනවා.

මෙම විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් රාක්කවල අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් පවසනවා.

විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම නිලධාරීන් සදහන් කළා.

විවිධ සේවා සමුපාකාර සමිතියට හා අනිකුත් වෙළදුන් දෙදෙනාට මෙම මස 30 වැනිදා අධිකරණයේ නඩු පැවරිමට නියමිතව තිබෙනවා.

එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළේ, ඉකුත් සතිය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ වෙළදුන් 15 දෙනෙකු පමණ කොටුකර ගැනිමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...