32 C
Colombo
Friday, March 29, 2024

ජනපතිගේ 2050 බලාපොරොත්තුව

- Advertisement -

ශ්‍රී ලංකාව තුල නව ගල් අඟුරු බලාගාර ඉදි නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මේ හරහා, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය පිළිබිඹු කෙරෙන බවයි ඒ මහතා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ඊයේ (24) නිව්යෝර්ක් නුවරදී එක්වෙමින්.

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව, තිරසර බලශක්ති උත්පාදනය හා පරිහරණය වෙනුවෙන් උත්සාහ දරමින් සිටින, දියුණු වෙමින් පවතින ජාතීන්ට සහය වන්නැයි හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදුකළා.

2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම මෙරට අරමුණ බවත් පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වන ශ්‍රී ලංකාව, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීමෙන්, 2050 වන විට කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...