30 C
Colombo
Wednesday, February 19, 2025

ඇමති අරුන්දිකට කඩේ ගිය නිසා පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

- Advertisement -

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට භාර දුන් බව වීරසිංහ මහතා සදහන් කරනවා.

පසුගියදා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨයට පැමිණ සිසුන් කිහිප දෙනෙකුට පහරදීමේ සිදුවීමට අදාළව කීර්ති වීරසිංහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී එම පහරදීමට පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් හා එහි රියදුරා පිළිබදව වීරසිංහ මහතා සිය අදහස් පලකළා.

නමුත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ආරක්ෂා කරමින් කීර්ති වීරසිංහ මහතා දිගින් දිගටම පිළිතුරු ලබාදුන්නා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා කීර්ති වීරසිංහ මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව දින කිහිපයකට පසුව කීර්ති වීරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

කීර්ති වීරසිංහ මහතා පසුගිය මහාමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිගාමඩුල්ල ආසනයට තරඟ වැදුණත් එම මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES