28.5 C
Colombo
Wednesday, April 24, 2024

කාන්තාවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ තලේබාන් ප්‍රතිපත්තිය එළිදකියි

- Advertisement -

කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ලබාදීමට අදාළ සිය ප්‍රතිපත්තිවල කරුණු කිහිපයක් තලේබාන් සංවිධානය විසින් හෙළිදරව් කර තිබේ.

මෙම කරුණු හෙළිකර ඇත්තේ තලේබාන් ඇෆ්ගනිස්තානයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ෂකීබ් අබ්දුල්බාකි හක්කානි විසිනි.

ඒ අනුව මින් ඉදිරියට ඇෆ්ගනිස්තානය තුළ කාන්තා සහ පිරිමි මිශ්‍ර අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

විශ්ව විද්‍යාලවල පවා කාන්තාවන් සහ පිරිමින් එක්ව අධ්‍යාපනය ලැබීම මෙහිදී තහනම් කර ඇත.

කාන්තා පාසල්වල පිරිමි ගුරැවරුන් සේවයට යෙදවීමද මුලුමනින්ම තහනම් කර තිබේ.

මේ සියලු නීති ෂරියා නීතිය අනුව පනවන ලද ඒවා බවත් මින් ඉදිරියට කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය තීරණය වන්නේ ෂරියා නීතියට අනුව පමණක් බවත් තලේබාන් ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ තත්වය තුළ ඇෆ්ගනිස්තාන කාන්තාවන් දැඩි පීඩනයට සහ බියට පත්ව ඇති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...

දියතලාවේ ධාවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විරෝධය

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසනවා. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...