27 C
Colombo
Sunday, December 3, 2023

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද සිට

- Advertisement -

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 24 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (22) ආරම්භ වුණා.

මෙම ප්‍රදර්ශනය අද සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 තෙක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රදර්ශනය විවෘත නොකර කඩිනමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

ඒ අනුව 2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගොඩගේ සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ මහතා අතින් විවෘත කර තිබුණා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති චන්දු හපුතන්ත්‍රි මහතා පවසන්නේ මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා කුටි 400කට පමණ අවකාශය සලසා දී ඇති බවයි.

මේ අතර පොත් ප්‍රදර්ශනයට අමතරව විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රාශියක්ද මෙවර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...