30.5 C
Colombo
Wednesday, April 24, 2024

නෙළුම් කුලුන ණයෙන් බරිත වේ

- Advertisement -

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී ඇත.

මේ හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඒකාබද්ධ අරමුදලට වර්ෂිකව බැර කරන මුදල් ද පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 3040කින් අඩු කර ඇත. 2017 වසරේදී රුපියල් කෝටි පන්සිය විස්සක් ද 2018 දි රුපියල් කෝටි 615ක් හා පසුගිය වසරේ දී රුපියල් කෝටි 1905ක් ද වශයෙන් බැර කරන මුදල් අඩු කර තිබේ.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආදායමින් ණය හා වාරික ගෙවීමට සැලසුම් කර තිබුණ ද මේ දක්වා ව්‍යාපෘතියෙන් කිසිදු ආදායමක් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මේ බව අනාවරණය කරන්නේ විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි.

අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ ය. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණ ද මුළු ණය මුදල සඳහාම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද එහි සඳහන් වෙයි.

චීන සමාගම් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 2015 වසරේ මැයි 12 දින දක්වා වූ දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබිණි. එතැන් සිට වාර්ෂිකව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබූ නමුත් ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම මත එම ආදායම අහිමි වී ඇත.

පසුව ඇති කරගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතුව තිබුණ ද පසුගිය අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබේ.

-්ARUNA NEWSPAPER

RECENT ARTICLES - SINHALA

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

මරුවාට අතවනන කළබලේ විවෘත කළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන නව ගුවන් පාලම, මාර්ගයට සම්බන්ධ කරන කොටසේ ඉදි කිරීම් තවමත් අසම්පූර්ණ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...