කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළා.
එයින් පසු ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර, රෝයි නිශාන්ත විසින් විවෘත ඡන්දයක් ඉල්ල සිටියා.
කෙසේ නමුත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබුණා.
මෙහිදී නීතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැවැන්ත සංවාදයක් ඇති වූ අතර, පළාත් පාලන පනත ගැනත් සාකච්ඡා කෙරුණා.