25.6 C
Colombo
Saturday, July 19, 2025

Breaking: කොළඹ පාරවල් වසා මහජනතාවට පහරදෙයි

- Advertisement -

මේ වන විට ගාලු මුවදොරට අතුළුවන මාර්ග කිහිපයක්ම වසා දමා අරගලකරුවන් ඇතුළු එම ස්ථානයට ගමන් ගන්නා සාමාන්‍ය ජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදා භටයින් යොදා පහර දෙමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව කොල්ලුපිටිය දෙසින් ගාලු මුවදොර වටරවුම ආසන්නයෙන් මාර්ගය වසා දමා ඇති අතර ශැන්ග්‍රිලා හෝටලය අසලින් බාලදක්ෂ මාවතද වසා තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුව දෙසින් චෛත්‍ය පාර අසළින් මාර්ගය වසා දමා ඇති අතර දෙස් විදෙස් කිසිදු මාධ්‍යවේදියෙකුට සිදුවීම වන ස්ථානයට ඇතුළුවීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදෙන්නේ නැහැ.

ඔවුන් පවසන්නේ එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ කළහොත් සෑම පුද්ගලයෙක්ම අත්අඩංගුවට ගැනීමට ඉහළින් නියෝග ලැබී ඇති බවයි.

මේ වන විට හමුදා ට්‍රක් රථ රැසක් ගාලු මුවදොර වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

සාමකාමී ලෙස ගාලු මුවදොර පවත්වාගෙන ගිය අරගලයට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වී පැය 24 ක් යන්නට මත්තෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම පිළිබදව මේ වන විට ජාත්‍යන්තරයේද අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පවා වාර්තා කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES