24 C
Colombo
Thursday, March 30, 2023

රෝයල් විදුහල්පති ඉල්ලා අස් වේ.

- Advertisement -

කොළඔ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ.

ඒ මහතාට එම විද්‍යාලයෙන් ඉවත් වෙන්න යැයි පසුගිය ජනවාරි 05 වන දින දන්වා ඇති අතර ඊට අදාල කිසිදු ලිඛිත ලේඛනයක් ඒ මහතාට ලබා දී නැත.

ජනවාරි 06 දින අබේරත්න මහතා ඔහුගේ නිල නිවසේ ඇති බඩු භාණ්ඩ ආදියද එහින් ඉවත් කර ගෙන තිබුණි.

කෙසේ වෙතත් ජනවාරි 09 වන දින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාව එහින් ඉවත් නොකරන ලෙස ඉල්ලමින් තමන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවය.

රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් අගමැති මහින්ද රාජපක්ෂ හමුවී විදුහල්පතිවරයාට දූෂණ දෝදනා ඇති නිසා ඔහුව එම විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවත් ඒ හිමියන් පැවැසීය. ඒ හිමියන් ඒ පිළීබඳව අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ කළ බවත්, ඉන්පසුව අගමැතිවරයා පැවසූවේ තමන්ට ඒ පිළීබඳව කළ හැකි දෙයක් නොමැති බවත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අසන ලෙසත්ය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්ද ඒ පිළිබඳව විමසු බවත්, ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සමග තමන් සාකච්ඡා කළ බවත්, ඉන් අනතුරුව ජනාධීපතිවරයාට මේ පිළිබඳව දැනුම් දුන් බවත් ඒ හිමියන් පැවසීය.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...