26.4 C
Colombo
Thursday, March 28, 2024

දළදා වහන්සේ රකින ලෙස නැගෙනහිර පර්යන්තය රැකීමට ඉදිරිපත් වෙන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

- Advertisement -

දළදා වහන්සේ රැකගන්නා මෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටිනවා.

පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධී පූජා පිංකමකට ඊයේ (20) පස්වරුවේ එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ.

එමෙන්ම, ඉතාම සංවේගයෙන් සිටින කාලපරිච්ජේදයක් උදාවී ඇති බව උන්වහන්සේ පවසා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි,

“ඉතාම සංවේගයෙන් ඉන්න කාලපරිච්ජේදයක්. දළදා වහන්සේ රකින්නා වගේ නැගෙනහිර පර්යන්තය රකින්න අපි ඉදිරිපත් වියයුතුයි. මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙකක්. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක විනාශ කළේ මේ කාලකණ්ණි දේශාපාලනය.

අද ඒකේ විපාක අපි විඳිනවා. මේ එන හැම ආණ්ඩුවක් ම අමෙරිකන්කාරයා, ඉන්දියන්කාරයා, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවදාද මහන්සි ගන්නේ.“

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...