26 C
Colombo
Sunday, March 16, 2025

ඉන්දියාවට ගිය ISISලා ගැන හොයන්න දේශබන්දුගෙන් කමිටුවක්

- Advertisement -

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සූදානමින් පැමිණි බව කියන ISIS ත්‍රස්තවාදීන් හතර දෙනෙකු පසුගියදා (20)  ඉන්දියාවේ අහමදාබාද්හිදී අත්අඩංගුවට ගැනුණා.

ඒ අනුව අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් වනවා.

ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බවද වාර්තා වෙනවා.

මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය,  නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...