31 C
Colombo
Sunday, December 3, 2023

බන්ධනාගාර තුළ සිදුවු ඝාතන සහ පළායෑම් පිළිබඳව සොයන්න කමිටුවක්

- Advertisement -

මෑත කාලයේ මෙරට තුළ පිහිටා ඇති සියළුම බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් කිරීම සඳහා වහාම කමිටුවක් පත් කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

අතිරේක ලේකම්වරයෙකු සභාපතීත්වයෙන් යුතුව අදාල කමිටුව ආරම්භ කරන ලෙසත් බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායාම සහ රැඳවියෙකු මියයාම, මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම, මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීම, වැලිකඩ හා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

අදාල කාරණා සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර එම කමිටු වාර්තාව සති තුනක් ඇතුළත තමන්ට ලබාදෙන  ලෙසත් අමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...