24 C
Colombo
Thursday, March 30, 2023

කොරෝනා මඩින්න ඖෂධයක් සොයා ගත්තා යැයි කියන පුද්ගලයාට එරෙහිව පැමිණිල්ලක්

- Advertisement -

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර ලෙස පෙනී සිටින ධනපාල නම් පුද්ගලයෙකු තමන් දේශීය වෛද්‍යවරයෙකු යැයි පෙනී සිටිමින් දැනට ලෝකයට මහත් ගැටලුවක්ව පවතින කොවිඩ් 19 රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයාගත් බවට බොහෝ ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් සිටින බවත් අදාල පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලමින් ආයුර්වේද සභාවට පැමිණිල්ලක් ලැබී ඇත.

දෙසැම්බර් 03 වන දින ආයුර්වේද වෛද්‍ය සභාවට මෙම පැමිණිල්ල ලැබී ඇත.

අදාල පුද්ගලයා මෙරට බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය සභාවක ලියාපදිංචි වී ඇත්ද යන්නත්, එසේ ලියාපදිංචි වී ඇත්නම් ඔහුගේ ප්‍රථමික සුදුසු කම්, ඒ කවර කාණ්ඩයක් යටතේද , එම වසර සහ ඔහුගේ ලියාපදිංචි අංකය කුමක් යන්නත් සොයා බලන ලෙසත් එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

මෙම පැමිණිල්ල පිලිබදව ඉක්මන් අවධානය යොමු කරන ලෙසත් කිසිදු සුදුසුකම් නොමැති අයෙකු රෝගීන්ට ප්‍රතිකාර කිරීම මගින් රෝගීන්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්වන බැවින් හදිසි කටයුත්තක් සේ සලකා ක්‍රියාත්මක වනලෙස පැමිණිල්ලේ වැඩිදුුරටත් සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...