24 C
Colombo
Sunday, February 16, 2025

මාතර බන්ධනාගාර සිදුවිමෙන් මියගිය රැඳවියන්ට වන්දි

- Advertisement -

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

‍ෙබන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර සිටි සෙසු රැඳවියන්ද ප්‍රතිකාර ලබා බන්ධනාගාරය වෙත පැමිණ තිබෙන බව ඔහු සඳහන් කළා.

පසුගිය පළමුවැනිදා මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.

මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධයෙන් බන්ධනගාරයේ ගොඩනැගිලි දෙකකට හානිවූ බවයි.

එක් ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල ඉදිරියෙදී ප්‍රතිසංස්කරණය කරනු ඇතැයිද ඔහු පැවසුවා.

මේ අතර, මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 55 දෙනෙකු, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමටද පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES