27.8 C
Colombo
Wednesday, June 25, 2025

සජිත්ට එරෙහිව ජපුරෙන් පැමිණිල්ලක්

- Advertisement -

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති කරන ලද සැකයත් මත වර්ධනය වූ නොසන්සුන්කාරී තත්වයක් මත විශ්ව විද්‍යාලය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් 12 වනදා පාලනාධිකාරිය විසින් තීරණය කළ අතර, මෙම සිදුවීම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් දේශපාලන පක්ෂ දෙකකට අයත් බවත්, ඔවුන් අතර බරපතල ගැටුමක් ඇති වී ඇති බවත්, මේ හේතුවෙන් විශ්ව විද්‍යාලය ලේ ගංඟාවක් බවට පත්ව ඇති බවත් හැගෙන ආකාරයේ ප්‍රකාශ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නියෝජිතයින් විසින් සමාජගත කරමින් සිටින බවයි.

මෙම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපකල ලෙස අගතියට පත්ව ඇති බවත් ඒ සඳහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES