24 C
Colombo
Sunday, January 19, 2025

කොට්ටහච්චිගෙන් CID යට පැමිණිල්ලක්

- Advertisement -

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ඉදිරිපත් කර තිබෙනවා.

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවවරිය වෙනුවෙන් පැමිණිල්ල ගොනු කළ නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම සිදුවීම් පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු සිටින බවට අනාවරණය වී ඇති බවයි.

එමන්ම, මෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයා මන්ත්‍රීවරියගේ කීර්තිනාමය ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඇය මුදල් සඳහා තමන් සමඟ හෝටලයකට පැමිණි බවට අසත්‍ය ප්‍රකාශ කරන බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

එම ප්‍රකාශය අසත්‍යයක් බවත්, කොට්ටහච්චි මන්ත්‍රීවරිය කාන්තාවක්, බිරිඳක් සහ කුඩා දරුවන්ගේ මවක් බව සඳහන් කරමින් දේශපාලඥයන් වශයෙන් ගෞරවාන්විතව කටයුතු කරන ලෙසද නීතීඥවරයා මෙහිදී තවදුරටත් ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල මඟින් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES