26.7 C
Colombo
Sunday, July 20, 2025

රජයේ පාසල්වල මුදල් අය කිරිමට අදාල පැමිණිලි ඉහළට

- Advertisement -

රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කරන බවට වන පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

එලෙස පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ, පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදීයි.

එවැනි සිදුවීම් පාසල් තුළ, ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බව, පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කළේ, වාර්තා වූ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බවයි.

මේ අතර ලබන 9 වැනිදා දිවයින පුරා සියලු පාසල් සම්බන්ධ කරගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ පාර්ශවවල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණයට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES