27.2 C
Colombo
Saturday, June 21, 2025

ඡන්දය ගැන පැමිණිලි මේ අංකවලට දැනුම් දෙන්න

- Advertisement -

ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේ අනීතික ක්‍රියා පිළිබඳ දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කීපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ 011-2796546, 0112-796549, 0112-796586, 0112-868153 අංක අමතා අදාළ සිදුවීම් ගැන දැනුම් දිය හැකි බව මැතිවරණ කොමිසම පුරවැසියන්ට දන්වා සිටිනවා.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,602 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3,299 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මින් 4,209 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන බවද එම කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES