29.7 C
Colombo
Thursday, April 25, 2024

සියළු ළමා සංවර්ධන මධ්‍යස්ථාන වලට පරිගණක සහ අන්තර්ජාල පහසුකම්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කිරීම ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ පුද්ගලික ඉල්ලීමකට අනුව මෙරට සමාගම් කීපයක පූර්ණ අනුග්‍රාහය යටතේ දිවයින පුරා විසිරී ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10,632 සඳහා මෙම ප්‍රදානය සිදුකෙරිණි. සංකේතාත්මක පරිගණක ප්‍රදාන වැඩසටහන 2021.9.15 දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයේ දී සිදු විය.

මීට අමතරව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සියළු ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අන්තර්ජාල සබඳතා ප්‍රදානයක් ද සිදුකෙරුණි.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙතරම් විශාල පරිගණක ප්‍රමාණයක් රජයේ රැකවරණ යටතේ සිටින දරුවන් වෙත ප්‍රදානය කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ නේවාසිකව සිටින දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් නොබැලිය යුතු බවද ප්‍රකාශ කළ ඔහු, තමන් අමාත්‍යවරයා ලෙස තමන් නූතන ලෝකය ජය ගැනීමට දරුවන්ට අවැසි දේ සපයා දීමට නිරන්තරයෙන් උත්සාහ කරන බව ද ලෝක වාර්තාවක්ද සහිතව ප්‍රථම වතාවට එක් දිනකදී පරිගණක 700ක් පෞද්ගලික අනුග්‍රාහකත්වයකින් පරිත්‍යාග කිරීම මෙය වන බවද වැඩිදුරටත් පැවසීය.


RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...