33 C
Colombo
Friday, March 29, 2024

දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනියි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ TNA සංවිධානය අතර පැවති සාකච්ඡාව සම්බන්ධව ජාතිකවාදී ප්‍රතිපත්තියක හිඳිමින් ප්‍රශ්න කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සංඛ්‍ය අමරජිත් මහතාට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම දැඩි පිළිතුරු ලබාදෙනු ලැබුවා.

ඒ, රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමින්.

ජාතිවාදය හරහා රටකට යහපතක් නොවන බව එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා.

සංඛ –

“මේකට කියන්නෙ බොරදියේ මාළු බානවා කියලා. මේ අර්බුදය පාවිච්චි කරලා TNA එක දේශපාලන විසඳුම් ගැන කතා කරනවා, තහනම් සංවිධානවල තහනම අයින් කරන්න කියනවා, මේවා හරිද ?”

රනිල් –

“තහනම් සංවිධාන මොනවද ?”

සංඛ –

“LTTE සංවිධානයට මූල්‍ය ආධාර සැපයුවායි කියලා”

රනිල් –

“ඇත්ත වශයෙන්ම ඔය සංවිධාන ගණනාවක් තහනම් කරලා තිබුණෙ නෑ. අපේ කාලෙත් ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව ආවායින් පස්සෙ තහනම් කළේ. ඒ ටිකේ තහනම ඉවත් කරන්න කියලායි ඔතන කියන්නෙ. දැන් බොරදියේ මාළු බාන්නෙ එතුමා නෙවෙයි, ඔබතුමා. මේ රටේ මේ ප්‍රශ්නයක් තියෙනකොට ආපහු යනවා ජාතිවාදයට. මේ පරණ කිව්ව කතාවක්”

සංඛ –

“නෑ නෑ, මේ … මේ … මම නෙවෙයි. මම කිව්වෙ දැන් …. දැන් කතිකාවතක් තියෙනවා”

රනිල් –

“ඒ කතිකාවත යන්නෙ වෙන එකක් නැති නිසා. ආපහු බලනවා ජාතිවාදය ගන්න, ආගම්වාදය ගන්න. ජාතිවාදය කන්න පුළුවන්ද ? අපට පෙට්‍රල් හම්බුවෙනවාද මේකෙන් අද මිනිස්සුන්ට ? මටත් බැන්නා, ඒත් ඒ කාලෙ කාටවත් අහේනියක් තිබුණෙ නෑ. ආදායම් තිබුණා, රැකියා තිබුණා, කෑම තිබුණා. මේවා ඔක්කොම බොරුවට කෑගහලානෙ අද මේ ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නෙ. දැන් අපි ඇත්ත කතා කරමු ! දේශීයත්වය කිව්වා, රට ජාතිය බේරාගන්නවා කිව්වා, පාස්කු ඉරිදා බෝම්බය කිව්වා …. ඔය ඔක්කොම අතහරිමු. මේ දෙමළ මිනිස්සුගෙන් සාධාරණ ප්‍රශ්න. ඒක විසඳන්න. ඒක අපෙ ස්වාමීන් වහන්සෙලාත් කියනවා. මේක ආපහු එන එකක් නැති තැනට මෙයා කිව්වා කියලා. ඔය බොරදියේ එකක් නෙවෙයි.

මම දන්නවා එදා තිබුණ අපි එක්ක ගනුදෙනු කරපු සංවිධාන ගණනාවක් මේ ආණ්ඩුව ආවායින් පස්සෙ තහනම් කළා. ඉතින් සුමන්දිරන් මැතිතුමා කියන්නෙ ඒක ඉවත් කරන්න කියලා. මම නම් හිතන්නෙ ඒක සාධාරණයි. මේ මේ මේක පිටිපස්සෙ LTTE එක නෑ, LTTE එක ඉවරයි දැන්. බෝම්බ දාන ඒවා වෙන්නෙ නෑ. ආපහු ත්‍රස්තවාදයක් එන්නෙ නෑ ඔතන, මම දන්නවා ඒක. ඔය හුඟක් සංවිධානවලට මුදල් නෑ ඔවුන් එකතු කරගන්න කතා කරාට. එතන කෑගහයි, එතන ඉඳියි.”

සංඛ –

“මුදල් නැත්නම් ඒ ඩයස්පෝරාවෙ මුදල් ලබාදෙන්නම් කියලා පොරොන්දු වෙන්නෙ ?”

රනිල් –

“ඩයස්පෝරාවෙ මුදල් තියෙන්නෙ පුද්ගලයින්ට, සංවිධානවලට නෙවෙයි. ඒ පුද්ගලයින් ඔය සංවිධානවලට සල්ලි දෙන්නෙ නෑ. අපිත් දන්නවා ඩයස්පෝරා එක. මම කියන්නෙ ඩයස්පෝරාවෙ මුදල් ආවොත් හොඳයි. ඒකත් නෙවෙයි මම කියන්නෙ රටේ මේ ප්‍රශ්නය විසඳුවායි කියලා ස්ථාවරභාවයක් ආවොත් ඩයස්පෝරා නෙවෙයි ඊට වඩා විදේශ ආයෝජන මේ රටට එනවා”

RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...